කාන්තාවන් බැංකුකරණයට ගැලපෙනවාද??? ප්‍රශ්ණයක්, විවෘත අදහස්

ලංකාව ඇතුලේ තීරණාත්මක ස්ථානයක් කාන්තාව විසින් අත්පත්කරගනිමින් ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අනාගත ලංකාවේ මොළ රැඳුණු විශ්ව විද්‍යාල වල, ගුරු වෘත්තිය, පරිපාලන ක්ෂේත්‍රය, වෛද්‍ය ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍ර ගණනාවක් ඇතුලේ කාන්තා ආධිපත්‍යය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතිනවා. මේ අතර ප්‍රමුඛ ස්ථානයක් බැංකු ක්ෂේත්‍රයටත් හිමිවෙනවා. පුද්ගලික බැංකු විසින් කාන්තාවන් බැහැර කරමින් තමන්ගේ සේවක පිරිස නිර්මාණය කරගන්න හදනකොට, රජයේ බැංකු විසින් ස්ත්‍රී පුරුෂ භාවය නොසළකා හරිමින් සේවක‍යෝ බඳවා ගනිමින් ඉන්නවා.

ලිංගිකත්වය නොසළකා, දක්ෂතාවයට තැනදීම නිසා අළුතින් රජයේ බැංකු වලට බඳවා ගනිපු 75% ක් විතරම කාන්තාවෝ. කාන්තා  ප්‍රතිශතය කොච්චරද කියනවා නම් මං සේවය කරන ශාඛාවේ ඉන්නේ තරුණ පිරිමින් 2ක් ‍විතරයි. ඒකට හරියන්න කාන්තාවෝ 10ක් විතර ඉන්නවා. ජීව විද්‍යාත්මක ගත්තත් මේ අනුපාතය නම් දරාගන්න අමාරුයි.

තත්ත්වය මෙහෙම වුනත් කාන්තාවෝ වෙනුවෙන් රැකියා කරන ස්ථාන වල තව දුරටත් නොපනත්කම්, ලිංගිකත්වය මත වෙන්කොට සැළකීම් (Sexual Discrimination ) තව දුරටත් දරුණුවට පවතිනවා. මේවා ගැන ඉදිරි ලිපි වලදි ලියන්නත් බලාපොරොත්තු වෙනවා.

කාන්තාවෝ ගැන තියෙන අදහසක් මුලින්ම ලිව්වොත් හොඳයි කියලා හි‍තනවා. මේක ගණුදෙනුකාරයෙක්ගේ අදහසක්.

රජයේ බැංකු ගොඩක්ම සාමාන්‍ය ජනතාව එක්ක වැඩකරන හින්දා පුද්ගලික බැංකුවලට වඩා තදබදය වැඩියි. මේවා ගැනත් ඉස්සරහට කතාකරනවා. කොහොමහරි එක දවසක් තමන්ගේ දුවත් එක්ක බැංකුවට ආපු ගණුදෙනුකාරයෙක්ට ටිකක් විතර තරහ ගිහිං හිටියේ. මොකද එයාට තමන් ආපු කාර්යය කරගන්න ටිකක් වෙලා ගිහිං. හේතුව එයාගේ අනන්‍යතාව ඔප්පුකරගන්න බැරිවීමයි.  අවසානයේදි පුද්ගලික සම්බන්ධකමක් උඩ අනන්‍යතා ගැටළුව විසඳගෙන මෙයා තමන්ගේ මුදල ලබාගන්න ආවේ මගේ ළඟට. ඒ ඇවිත් දිගින් දිගටම අපේ බැංකුව විතරයක් නෙවෙයි, සමස්ත රාජ්‍ය බැංකු පද්ධතියටම බනිනවා. අකාර්යකෂම සේවය ගැන. පුද්ගලික බැංකුවල හොඳ කියනවා. ඇත්තටම එයා කියපු දේවල් වල ඇත්තක් තිබුණ වුනත් ඒවා ඇතුලේ අතිශෝක්තියක් ගැබ් වෙලා තිබුණා.

මේ පුද්ගලයා ඇවිත් හිටියේ තමන්ගේ දියණියත් එක්ක. ඇය තරුණ වයසේ පසුවුණු කෙනෙක්. එහෙම වෙලාවක කොල්ලොක් වුණු මගේ හැසිරීම ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ :P . මමත් ඉක්මන් කරලා ඔවුන්ගේ අවශ්‍යතාව ඉටුකරලා දුන්නා. ඒ පාර මේ මනුස්සයා ගෑණුන්ට බනින්න ගත්තා.

” මේ පණනැති කෙල්ලෝ රජයේ බැංකු වලට දාන හින්දා තමයි මේ කිසි වැඩක් කෙරෙන් නැත්තේ………….දැන් බලන්නකෝ …..වගේ ප්‍රයිවට් බෑන්ක්ස් කෙල්ලන්ව ගන්නේ හරිම අඩුවෙන්. ඉතිං ඒගොල්ල කොච්චර කොලිටි සර්විස් එකක් ති‍යාගෙන යනවද??? “

මාත් සමඟ කාර්යයයේ නියුතු අනෙක් සියළුම පිරිස කාන්තා පාර්ශවයේ. කාන්තාවෝ වුණත් යම් යම් සීමාකම් ඇතුලේ ඔවුන්ගේ වැඩවල තියෙන කාර්යක්ෂම බව මම දැනගෙන හිටියා. මේ මනුස්සයා තමන් ළඟ හිටි තමන්ගේ දියණියත් අයිති ලිංගිකයින්ව පහතට දාලා කතාකරපු දේට කිසිම පදනමක් නැතිබව මම ස්ථිරවම කියන්න පුළුවන්.

වෙලාවේ හැටියට මට මේ පුද්ගලයා එක්ක තර්ක කිරීමකට හෝ කරුණු පහදාදීමට හැකි තත්ත්වයක් තිබුණේ නැහැ. මොකද එහෙම වුනානම් පොලිමේ හිටපු කාන්තාවොම ඇවිත් මට පළුයන්න බනියි.

මම මුලදි කියලා තියෙනවා වගේ කාන්තා‍වන් සීග්‍ර දියුණුවක් මේ වන විට අත්කරගනිමින් ඉන්නවා. ඒත් පුරුෂයින් විසින් ගොඩනඟපු ලෝකේක තියෙන සංකල්ප විසින් සංස්කෘතිකවත්, සාමාජයීය‍ ලෙසත් ඔවුන්ව පහළට ඇද දැමීමක් දිගින් දිගටම සිද්ධ වෙනවා. මෙහෙම දේවල් සාම්ප්‍රදායික අදහස් තියෙන රජයේ බැංකු ක්ෂේත්‍රය තුළ බහුලව  තියෙනවා.

පවතින ආර්ථික ක්‍රමයත්, නිදහස්වාදය දැඩිව ව්‍යාප්ත වීමත් එක්ක කාන්තාවන් විසින් තමන්ගේ වැටකඩුළු කඩා බිඳදමමින් ඉදිරියට එනවා. ඒ අතරතුර සමාජයේ සංකල්ප වශයෙන් වෙනස් විය යුතු ‍දෑ බොහෝමයක් තියෙනවා. කාන්තාවන් බැංකු ක්ෂේත්‍රයේ නිරතවීම අහිතකරයි කියන එකත් ඇත්තටම කල්පැනපු සංකල්යක්. මේ ගැන විවෘත අදහස් දක්වන්න පුළුවන්.

Post a comment or leave a trackback: Trackback URL.

ප්‍රතිචාර

  • Naveen  On සැප්තැම්බර් 13, 2010 at 11:13 පෙ.ව.

    කාන්තාවන්ගෙන් 100% රජකාරියක් බලාපොරොත්තු වෙන්න බෑ.. මගේ පුද්ගලික හැගීම නම් කාන්තා නියෝජනය 45% අනුපාතයට තිබිය යුතුයි කියන එකයි.. කාන්තාවන්ට එකම වැඩේ එක දිගට කරගෙන යෑම ඉතාම අමාරුයි නිර්මාණශීලීත්වය, තාර්කිකව හිතීම අතිනුත් කාන්තාවන් ඉන්නේ බොහොම පහල මට්ටමකින් (80% කාන්තාවන්)

  • කාංචන  On සැප්තැම්බර් 13, 2010 at 5:21 ප.ව.

    කාන්තාවන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියනවා. පිරිමින්ටත් ඒවගේම තමයි. ඒව තෙරුම් අරගෙන වැඩ කරොත් කිසි ගැටලුවක් වෙන්නේ නෑ. බැංකුවක නම් මම දකින්නෙ නෑ කාන්තාවන්ගේ දුර්වලතාවයක්. ඒවගේම නිර්මාණශීලීත්වය අතිනුත් අඩුවක් නම් මට දැනිල නෑ. හැබැයි තාක්‍ෂික දේවල් වලට නම් පැහැදිලි දුර්වලතාවයක් දකිනවා.

  • Niroshinie  On සැප්තැම්බර් 13, 2010 at 8:35 ප.ව.

    @Naveen
    කාන්තාවන් නිර්මාණශීලි සහ තාර්කික නැහැ කියල ඔබ කියන්නේ මොන හේතු නිසා දැයි පැහැදිලි කරනවද?
    මට ඔබේ අදහසේ පරස් පර විරෝදී තවක් පේනවා. එකම දෙය එක දිගටම කිරීම නිර්මාණශීලි නැහැ. සාමාන්‍යයෙන් ‘නිර්මාණශීලි’ සහ ‘තාර්කික’ අය එකම වැඩේ එක දිගටම කරන්න අකමැතියි. ඇත්තටම එක හරි කම්මැලි වැඩක් නිසා. එතකොට එකම දෙය එක දිගටම කිරීම වගේම ‘නිර්මාණශීලි’ සහ ‘තාර්කික’ යන ඔය කිසි දේකට කාන්තාවන් දක්ෂ නැත්නම් අපි දක්ෂ මොනවටද? අපි දක්ෂ මොනවටද කියල පිරිමියෙක් වන ඔබ තීරණය කරන්නේ මොන බලතල මතද? ඔබ ඒ ගැන සමීක්ෂණයක්/පර්යේෂණයක් කර තිබෙනවද?
    සමහර කාන්තාවන් ගණිතයට දක්ෂයි. සමහරු චිත්‍ර අඳින්න දක්ෂයි. සමහරු දෙකටම දක්ෂයි. මේක කාන්තාවෝ පුරුෂයෝ කියල නැහැ එක එක අය එක එක විදියයි. කාන්තාවන්ට කරන්න බැරි දේ සහ පුළුවන් දේ තීරණය විය යුත්තේ එකි නෙකාගේ පුද්ගලික දක්ෂතාවන් මත මිස ඔවුන් ‘කාන්තාවන්’ වී ඉපදීම යන කාරණය නිසා නොවේ. සමහර විට ඔබට මුණගැහි ඇති බොහෝ කාන්තාවන් ඔබ පෙර කි අන්දමේ අය විය හැකියි. නමුත් ඒ සුළු කොටස සමස්ත කාන්තා නියෝජනයක් නොවේ. :)
    ඒ වගේම කාන්තා නියෝජනය 45% ව තැබීමට හේතුව සහ එසේ තැබීමෙන් බලාපොරොත්තු වන දේ කුමක්ද කියල කියන්න පුලුවන්ද?

    @කාංචන
    ඔව් තාක්ෂනය අතින් ලංකාවේ කාන්තාව තවමත් අඩු මට්ටමක ඉන්නේ කියන එකට මාත් එකඟයි. නමුත් විශ්ව විද්‍යාලයේ සහ රැකියාවේ අත්දැකීම් අනුව මට හිතෙන්නේ ඒක සමාජයීය ව ගැහැණු ළමයි පසුගාමී වීම මිසක් නොහැකියාව නොවේ කියලයි.

  • බැංකුකරුවා  On සැප්තැම්බර් 13, 2010 at 11:28 ප.ව.

    මගේ මූලිකම අදහස කාන්තාව දුර්වලයි කියන එක (ස්ත්‍රී පුරුෂ වෙනස්කම් නෙවෙයි) අපි විසින් ඉක්මවා යා යුතු දෙයක්. මොකද මේ වෙද්දි දුර්වලයි කියන කාන්තාව සමාජයේ බොහෝදුරක් ඇවිත්. අනාග‍තයේදි ගොඩාක්ම තීරණ රඳා පවතින්නේ කාන්තාවගේ මතයි කියන එක අතිශෝක්තියක් නෙවෙයි. ඒ සඳහා පූර්ව සූදානමක් ලෙස අපි අතර කාන්තාව සම්බන්ධ වූ කාරණා ගැන කතිකාවක් නිර්මාණය වෙන්න ඕන.

  • Titan  On අගෝස්තු 10, 2011 at 9:03 ප.ව.

    @Niroshinie
    ඔබේ පිළීතුරේ පැහැදිලි ලෙස පක්ෂග්‍රාහි ස්භාවයක් තියෙනවා කියලා මට හිතෙනවා ඒ වගේම මෙතන ඉන්න බහුතර පුද්ගලයන් තමන් තමුන් නියෝජනය කරන ලිංගයට පක්ෂව කථාකරන බව මට පේන්නේ. නමුත් අපි සිතිය යුත්තේ විවෘත මනසකින් මිසක් පක්ෂග්‍රාහි වීමකින් නෙවේ. ගොඩක් අයගෙන් සාධාරණ පිළිතුරක් බහුතර ප්‍රශ්ණ වලට බලාපොරොත්තු වෙන්න බැරි මේ හේතුව නිසා කියලා පැහැදිලි ලෙස සලකන්න පුලුවන්. ලංකාවේ ඉතා විශාල වශයෙන් නොවුනට ලෝකයේ සෑම රටකම ලිංග භේදය නිසා විවිධ ගැටලු කාරි තත්ව හට ගෙන කියලා දන්නවද? දැන් කාන්තා අයිතිවාසිකම් වලට හඩනගන්නේ ඇයි කියලා බැලුවම පැහැදිලිවම පෙනෙන කරුණක් වන්ණේ කාන්තාවට සාමාන්‍යය තතවයේදි ඉහළ තැනකට ඒමට ශක්තියක් නැතිබවයි ඒක නිසා තමයි රාජ්‍ය මට්ටමින්ම කාන්තාවන්ට විවිධ රැකියා වල ඉහළට යෑමට උදව් කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යය තත්වය යටතේදි ඔයා හිතනවද කාන්තාවට ඉහළට යන්න පුලුවන් කියලා. ඒක පැහැදිලිවම පෙනෙන්නේ මීට අවුරුදු 10 යකට ඉහත හා දැන් රැකියා වල තිබෙන කාන්තා පුරුෂ වෙනස නිසයි. මේ බලපෑම නැත්නම් කාන්තවන් බහුතර දෙනාට ඉහල ඒමට තියා හිතාගන්නවත් බෑ.

    එහෙම පර්යේෂණ විශාල වශයෙන් පවත්වා තිබෙනවා කියලා ඔයා දන්නවද? නමුත් සමස්ථයක් වශයෙන් මෙම ප්‍රතිඑලය ගැලපෙනවා මිසක්

    A focus on a factors such as the ability to quickly grasp a complex concept, verbal reasoning skills and creativity – some of they key ingredients of intelligence – revealed the male teenagers had IQs that were an average of 3.63 points higher. The average person has an IQ of around 100.

    The study concluded that men’s IQs are almost four points higher than women’s.

    The University of Western Ontario psychologist reached his conclusion after scrutinising the results of university aptitude tests taken by 100,000 students aged 17 and 18 of both sexes.

    Prof Rushton believes the differences are directly linked to brain size, with other studies showing men having slightly bigger brains than women.

    http://www.dailymail.co.uk/news/article-405056/Men-intelligent-women-claims-new-study.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.