රාජ්‍ය බැංකු පුද්ගලික ඒවා හා තරඟකාරීවන්නට නම්….

සති දෙකකට විතර පස්සේ බ්ලොග් එකක් ලියන්න ඉඩක් හම්බවුණා.

කොච්චර කාර්යබහුල දවසක් වුනත්, අද කාර්යාලයේදී වුණු වැඩක් හින්දා බ්ලොග් ලිපියක් ලියන්නම ඕන කියලා හිතුණා. මේ වගේ කරුණක් ගැන කතා කරන්න වෙලාවක් නැති හින්දා බ්ලොග් පිරිස එක්කවත් බෙදාගන්න ඕන කියලා හිතුනා.

අද උදේ කස්ටමර් කෙනෙක් ආවා චෙක්පතක් මාරු කරගන්න. ඒක තර්ඩ් පාටි චෙක් එකක්. ඒ කියන්නේ ගිණුමේ අයිතිය තියෙන්නේ වෙන කෙනෙක්ට. ජංගම ගිණුමක් අයිති කෙනෙක් හෝ ආයතනයක් වෙනත් පාර්ශවයකට දුන්නු චෙක් එකක්. (මෙතනදි පළමු පාර්ශවය අයිතිකාරයා, දෙවැනි පාර්ශවය බැංකුව , තුන්වැනි පාර්ශවය චෙක්පත දරණ බාහිර පාර්ශවය)

ඉතිං ඒ චෙක්පතේ තිබුණු තාක්ෂණික දෝෂයක් නිසා මට ඒකට කෙළින්ම මුදල් ලබාදීමේ හැකියාවක් තිබුනේ නැහැ. ඒක නිසා මම අපේ නිලධාරියෙක්ගේ සහාය පැතුවා. ඒත් ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් සෘජු අදහසක් ප්‍රකාශ නොකළ නිසා ගණුදෙණුකරුවා ඉදිරිපිටදි මාව ගොඩාක් අපහසුතාවයට පත්වුණා. අවසානයේ ජේෂ්ඨ නිලධාරිනියක් විසින් වගකීම දරණ බවට ලිඛිත සහතියකත් සමඟ මම අදාළ ගණුදෙණුකරුවාට අදාළ ගෙවීම සිද්ධ කළා.

මේ සියළු ක්‍රියාකාරකම් දිහා හොඳින් ඇහැ ගහගෙන හිටපු ගණුදෙණුකාර මහත්මයා, තමන්ගේ මුදලුත් අරං පිටව යන ගමං මට මෙහෙම කිව්වා.

“ඔයාලා හදන්නේ සල්ලි නොදෙන්න හේතුවක් හොයාගන්න….එහෙම නැතුව වැඩේ කොහොමහරි කරගන්න ක්‍රමයක් නෙවෙයි”

මේ කියමන අපිව ක්ෂණයෙන් තරහගන්වන සුළු එකක් වුණත්, තරඟකාරී වෙළඳපොළක බැංකුවක් පවත්වාගෙන යන පරිසරයක වැඩකරන අපිට මාර්ගෝපදේෂකයක් ලෙස ගන්න පුළුවන් වැදගත් කියමනක්. විශේෂයෙන් ලංකාව වගේ පසුගාමී ධනවාදී ලක්ෂණ පවතින රටක් හැටියට.

මුලින්ම මම කියන්නම් මේ ගණුදෙණුකාරයට මෙහෙම කියන්න හේතුවුණු කාරණා මොනවද කියලා.

අපි දන්නවා හැම රජයේ ආයතනයකටම ගියොත් මේ වගේ හැඟීමක් අපිට ඇති වෙනවා. ඒකට විවිධාකාරයේ හේතු තියෙනවා. ඒත් තරුණ පිරිසක් සේවය කරන අතරතුරත්, වඩාත් උපරිම දායකත්වයක් දීමට උත්සාහ කරනකොට ඊට හරස්වන හේතු අපේ වැඩ පරිසරයට ඇතුලෙන් මම පෙන්වා දෙන්නම්.

අපේ පැරණි සේවකයින් තුළ තියෙන ආකල්පයක් තමයි බැංකුවේ රැකියාව කියන්නේ බොහෝම වගකිවයුතු දෙයක්ය කියන එක. ඒ කියන්නේ පොදු ජනතාවගේ මුදල් හැසිරවීමක් තමයි එතනදි කරන්නේ. බැංකු වෙළඳපොලක් බිහි වෙලා නොතිබුණු කාලයේදි සේවයට බැඳිලා ඔවුන් විසින් බැංකු ක්ෂේත්‍රය නඟා සිටුවන්න ලොකු මෙහෙවරක් කරලා තියෙනවා.

රජයේ බැංකු සේවකයින් බොහෝමයක් වෙළඳපොළ ක්‍රමය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා, ඔවුන් විසින් තවමත් උත්සාහ කරන්නේ මුදල් හැසිරවීමේ කටයුතු සියයට සීයයක්ම නිවරැදිව කරන්නයි. ප්‍රතිපත්ති හදන කළමාණාකරණයේ ඉන්න බහුතරයක් හිතන්නෙත් මෙහෙමයි. ඒක නිසා රජයේ බැංකු ප්‍රතිපත්තිමය වශයෙන් හරිම නිලධාරිවාදී බවක් පෙන්වනවා. ඒක නිසා ගණුදෙණුකරුවෙක්ගේ අත්සනක්, චෙක්පතක සුළු දෝෂයක් වුනත් ඔවුන් බොහෝම තදින් සළකනවා.

අනෙක් කාරණය ගොඩාක් අත්දැකීම් ඇති පිරිස් දන්නවා ප්‍රශ්ණ වෙන තැන්. ඒක හින්දා ඔවුන් ගොඩාක් ඩිෆෙන්සිව්. ඒ කියන්නේ කිසියම් ආකාරයකට වංචාවක් හෝ හොරකමක් සිද්ධ වුණොත් කෙළින්ම ඒ ගණුදෙණුවට සම්බන්ධ වුණු අය තමයි ඒකට වගකියන්න ඕන. ඒ හින්දා එහෙම හොරකමක් විය හැකි ශක්‍යතාවයක් තියෙන තැන් මඟඅරින්න සමහර වෙලාවට උත්සාහ කරනවා. එතනදි ගණුදෙණුකාරයා තෘප්තිමත් කිරීමයි, නීතියයි අතර අතරමං වෙන හින්දා බොහෝ අය මෙවැනි අවස්ථා මඟහරින්න උත්සාහ කිරීම නිසා අළුත් අපි අතරමං වෙනවා.

කොහොමවුනත් බැංකුවක් විදිහට පුද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න නම් අල්පයක් වන අවදානම් ආයතනය විසින් දැරිය යුතුයි. එතකොට ගණුදෙණුකාරයා වෙත වඩාත් හොඳින් තමන්ගේ සේවය සපයන්නට සේවකයින්ට හැකියාව ලැබෙනවා. එහෙම අවබෝධයකින් යුතුව කළමණාකාරීත්වය හැසිරෙනවා නම් නිලධාරීවාදයේ බලපෑමත් ගොඩාක් දුරට අඩුකරගන්න පුළුවන් වෙයි කියලයි මගේ හැඟීම.

Post a comment or leave a trackback: Trackback URL.

ප්‍රතිචාර

  • සෝරො  On ඔක්තෝබර් 7, 2010 at 12:14 ප.ව.

    රාජ්‍ය බැංකු වලට පෞද්ගලික බංකු එක්ක තරඟකරන්න බැරි ඔය හේතුවනිසා තමයි…

    සමහර රාජ්‍ය බැංකු සේවකයො හිතන් ඉන්නේ බැංකුව එයාලගෙ පුද්ගලික දෙයක් කියලා..

    එහෙම වෙනක්ට ඉස්සරහට යන්න අමාරුයි..

    මුළින ගණුදෙනුකරුවන්ට සලකන්න පුරුදු වෙන්න ඕන..

    ගූඩ් පෝස්ට්…!!

  • indika kumara  On ඔක්තෝබර් 7, 2010 at 1:24 ප.ව.

    ආකල්ප වෙනස් වෙන්නෙ නැති පුටුවල මිනිස්සු වහාම වෙනත් පියන් ල වාගෙ තනතුරුවලට අනියුක්ත කරන්න ඕනි..

  • අප්පුහාමි  On ඔක්තෝබර් 7, 2010 at 3:32 ප.ව.

    නිවරදිව අපක්ෂපාතීව ප්‍රශ්ණය දැකලා. උබ හරි මලයෝ. මමත් ඔය අත් දැකිම ලබනවා හැමදාම. මගේ ආයතනය වෙනත් වර්ගයක එකක්.මේ පරණ පිරිස ඔය විදිහට තමයි කල්පනාකරන්නේ. මොකක් හරි ප්‍රශ්ණයක් වුනොත් වැඩ තහනම් කරලානේ පරික්ෂන පවත්වන්නේ. ඔඩිටි එක හැමදාම හිතන්නේ සේවතකයින් කියන අය හොරකන් කරන්න බලා ගෙන ඉන්න කොටසක් කියලා.ඉතින් පැරණි සේවකයින් අලුතින් එන අයටත් වැඩ කරන හැටි කියලා දෙන්නේ බය කරලා. ඉතින් අලුත් අයත් ඒ විදිහට බයේ තමා වැඩ කරන්නේ.මම හිතන්නේ දැන් රජයේ සේවයට අලුත් තරුණ අය වැඩි වශයෙන් පැමිණ සිටින නිසා රජයේ සේවය වඩා කාර්යක්ෂම වෙිවි කියලා. නමුත් ඔය වගේ ප්‍රශ්ණ තියෙනවා. අලුත් තාක්ෂණයට පරිගණක භාවිතයට අලුත් පරපුර ඉක්මනින් හුරුවුවත් පරණ අය තාම ඒවාටත් බයයි. උදා ඇගිලි සලකුණු යන්ත්‍රය සමග පැමිණිමේ ලේඛනය භාවිතය වැටුප් සැකසීමේ මෘදුකාංගය භාවිතා කරමින් නැවත අතින් වැටුප් සැකසීම වැනි දෑ. නමුත් සතුටු විය හැකි තැන්ද තිබේ. උදා වර්ථමාණයේ ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාල

  • palaamalla  On ඔක්තෝබර් 7, 2010 at 5:51 ප.ව.

    අපේ ඔය රජයේ නිලධාරින් බහුතරයක් ” කස්ටමර් සර්විස් ” කියන එක නම් අහලවත් නැති ආකරයට හැසිරෙන්නේ. පුද්ගලික අංශයේ නම් හුඟක්ම ඇඳුම… භාශාව අනුව තමයි සැලකිල්ල.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.